ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අවතැන් වුවන් නැවත පදිංචි කිරිම උදෙසා වු ප්‍රධාන සැලැස්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන්

    ජූනි 01, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයේ නායයාමෙන් අවතැන්වුවන් නැවත පදිංචි කිරිම උදෙසා වු ප්‍රධාන සැලැස්ම පිළියෙල කිරිම සහ ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරිපත් වී ඇත. 
    ඉහත කරුණු අනාවරණය කෙරුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසුරිය, මහාචාර්ය කේ. කරුණාතිලක හා ආචාර්ය රංගික හල්වතුර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදීය. 
     
    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අයත් ශාඛා සමිතිවලින් මතු වු යෝජනාවක් මත නායයැම් වලින් අවතැන් ප්‍රජාව උදෙසා විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාක්මක කිරිම සහ ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීම සුදුසුයැයි පිළිගන්නා ලදී. 
     
    ඒ අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් සහ නායයැම් සිදු වු ප්‍රදේශවල ප්‍රදේශිය ලේකම්වරුන් සමග සිදු කරන ලද මුලික සාකච්ඡාවට අනුව එහි ඇති අවශ්‍යතාවය මෙකි රජයේ නිලධාරීන් විසින්ද පිළිගන්නා ලද අතර  ඊට අවශ්‍ය පියවර ගැනීම සදහා එකගතාවයකට පැමිණෙන ලදි. ඒ  අනුව මෙම තාක්ෂණික සහාය ලබා දිමේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාම සදහා  විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින්ගෙන් හා කෑගල්ල දිස්ත්‍රික් නිලධාරින්ගෙන් සැදුම්ලත් උප කමිටු දහයක් පිහිටුවා තිබේ.
     
    මෙම උප කමිටු ඒ ඒ විශ්වවිද්‍යාල නියෝජනය වන පරිදි ඊට අදාළ වගකීම් ඉටු කිරිම භාර ගෙන ඇති අතර ඔවුන් විසින් තම කමිටුවල කාර්යභාරයන් පිළිබදව මුලික සැකැස්මක් දිස්ත්‍රික් ලේකම් විසින් නායකත්වය ගනු ලබන  මෙහෙයුම් කමිටුව වෙත ඉදිරිපත් කරනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතිය සදහා සහයෝගය ලබා දීමට පෞද්ගලික  අංශයේ ආයතනද , රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලයින්ද සැලකිය යුතු ප්‍රමාණයක් මේ  වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇත.
     
    අවශ්‍ය කරන මුල්‍යමය සහ ද්‍රව්‍යාත්මක තක්සේරුව රජය වෙත ලබා දීමට කටයුතු කරමින් සිටි. එසේම ප්‍රතිස්ථාපන කටයුතු සදහා අවශ්‍ය තක්සේරුව රජය විසින් ලබා දිමට කටයුතු කරමින් සිටි. එසේම ප්‍රතිස්ථාපන කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍යමය දෑ පිළිබද ලැයිස්තුවක් මේ වන විට දිසිත්‍රික් ලේකම්වරයා සහ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වන ඕනෑම අයකුට ද්‍රව්‍යමය හා මුල්‍යමය සහයෝගය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබා දිය හැකිය. 
     
    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව හා සම්බන්ධ විමට පහත දුරකතන අංක අමතන්න.ආචාර්ය රංගික හල්වතුර, සභාපති (077704826 /0718081154) , ආචාර්ය ශ්‍යාම බන්නැහැක, ලේකම්(0717804140) ව්‍යාපෘති සම්බන්ධිකාරක මහාචාර්ය කේ . කරුණාතිලක(0773047851) 
     
     ප්‍රදේශීය  ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya