ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    2016 දී රටේ සමස්ත ආදායම බිලියන 2,000 ක ඉලක්කයයි

    ජූනි 03, 2016
    2016 වසරේ දී රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 2,000 ක ඉලක්කය වෙත යාම රජයේ අරමුණ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
    අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති 2015 වසරේ ජාත්‍යන්තර දුම්වැටි විරෝධී කොඩි දින දිවි නැඟුම නිලධාරීන් ඇගයීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
     
     
    මේ රටේ දුප්පත්කම නැති කිරීම අත්‍යවශ්‍යයි. සමීක්ෂණ අනුව රටේ ඒක පුද්ගල ආදායම ඇ.ඩොලර් 3,125ක් ලෙස ගණන් බලා තියෙනවා. එනම් අම්මා, තාත්තා හා දරු දෙදෙනෙකු සිටින පවුලක මාසික සාමාන්‍ය ආදායම රුපියල් එක් ලක්ෂ 60,000ක් ලෙසයි. එහෙම ආදායමක් ඇති අය ලංකාවේ නැහැ. 43%ක් ඇ.ඩො. 02කට වඩා අඩු ආදායම් ලබන බව සමීක්ෂණ අනුව හෙළි වී ඇති අතර එය රුපියල් 32,000කට වඩා අඩු ආදායමක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. 
     
     
    විශාල අඩු ආදායමක් ලබන පිරිසක් සිටින්නේ, මේ ඇති නැති පරතරය නැති කරන්න අප කටයුතු කළ යුතුයි. මේ කාර්යය සඳහා දිවි නැඟුම නිලධාරීන්ගේ සහය අවශ්‍යයි. ආදායම් උපයන බදු මුදල්වලින් වැඩි ප්‍රමාණයක් අය කර ගන්නේ දුප්පතුන්ගෙන්. 20% ක් ධනවතුන්ගෙන් අය කරන විට 80%ක් අය කර ගන්නේ දුප්පතුන්ගෙන් බවත් ඔහු පෙන්වා දුන්නේය.
     
     
    මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා, 2015 ජාත්‍යන්තර දුම්වැටි විරෝධී කොඩි දිනයෙන් උපයා ගන්නා මුදලින් සමාජ සංවර්ධන කාර්යයන් විශාල ප්‍රමාණයක් ඉටු කරන්න පියවර ගෙන තියෙනවා. එය අපේ රටට, රටේ ආර්ථිකයට කරන දායකත්වයක්. දුම්වැටි, මත්පැන් අද අපේ සමාජයට කරන පිළිලයක්. දුම්වැටිය මානව වර්ගයාගේ ජීවිත අපේක්ෂා නැති කරන, ජීවිතය විනාශ කරන දෙයක් බවත් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීමෙන් ඉවත් කර ගැනීම අවශ්‍ය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
     
    AP/DMU_Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya