ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය කටයුතු නංවන්න මධ්‍යම පළාතට රුපියල් මිලියන 1,150 ක්

    ජූනි 09, 2016
    මධ්‍යම පළාතේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම සදහා මිලියන 1,150 ක මුදලක් ලැබී ඇති බවත් එයින් මිලියන 308 ක් මහනුවර දිස්ත්‍රික්කයට වෙන් කර ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය,දේශීය වෛද්‍ය,සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක සේවා  අමාත්‍ය බන්දුල එස්.බී යාලේගම මහතා පවසයි.
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සදහා පසුගියදා  පැවැති විශේෂ වැඩමුළුවකදීය. 
     
    ඒ අනුව  මධ්‍යම පළාතේ රෝහල්වල ඇති අඩුපාඩු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු විසදීම සදහා විශේෂ වැඩසටහනක් සැළසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. රෝහල්වල ඉදි කිරීම් වලට අවශ්‍ය ටෙන්ඩර් කැදවීම් කොට ජූලි මස අවසන් වීමට පෙර එම සංවර්ධන කටයුතු දියත් කරන බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.
     
    පසුගිය දිනවල වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර ඇතිවූ මතභේදාත්මක තත්වයන් උද්ගතවී විවිධ අර්බුද හටගත් ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා එවැනි තත්වයන් තුළින් අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහීමකට ලක්විය හැකි බවද පැවසීය. එබැවින් මහජන නියෝජිතයන් සහ රජයේ සේවකයන් යන දෙපාර්ශවයේම වගකීම විය යුත්තේ රෝගීන්ගේ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය පිළිබද වැඩි වශයෙන් සිතා කටයුතු කිරීම බවද පෙන්වා දෙන ලදී.
     
    මධ්‍යම පළාත තුළ වෛද්‍යවරුන් 300 ක පමණ හිගයක් ඇති බවත්, හෙදියන් සහ ඖෂධවේදීන්ගේද හිගයක් පවතින බව පැවසූ අමාත්‍යවරයා ඇතැම් රෝහල් වෛද්‍යවරුන් නොමැතිව වසා දැමීමට සිදුව ඇති බවද පැවසීය. 
     
    එබැවින් රජය සහ වෛද්‍ය සංගම් එකට එකතු වී මෙම අර්බුද ජයගැනීමට මැදිහත් වීම වඩා වැදගත්වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
     
    AP/DMU-Kandy
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya