ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පාසල් සුරක්ෂිතතා මාසය නිමිත්තෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ජූනි 09, 2016
    පාසල් සුරක්ෂිතතා මාසය නිමිත්තෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ගාල්ල ළමාරක්ෂක අධිකාරිය මගින් සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ල මහින්ද විද්‍යාලයේ දී පැවැත්විණි.
     
    මත්ද්‍රව්‍ය නිවාරණය, ළමයින්ට සිදුවන හදිසි අනතුරු පිළිබඳව දැනුවත් කිරීම හා ලිංගික අපයෝජන පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු විය.  ගාල්ල මහමෝදර සමාජරෝග සායනය සඳහා ප්‍රතිකාර ගැනීම සදහා පාසල් ළමුන් පැමිණීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බවට මෙහිදී අණාවරණය විය.
     
    ආරක්ෂාව, ආදරය යන කරුණු දරුවන් වෙතින් ඈත් වීමෙන් අනියම් ආදරය හා රැකවරණයන් සඳහා දරුවන් පෙළඹ වීම වළක්වාලිය නොහැකි බවත් මෙම තත්වය නිසා නිතැතින්ම එම දරුවන් ලිංගික අපයෝජනයන්ට ලක්වීම සිදුවන බවත් ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරී ගීත් ප්‍රේමරත්න මහතා පැවසීය. 
     
    මේ අවස්ථාව සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා ද සහභාගී වීය.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya