ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ල කතෝලික සභාවෙන් විශේෂ අනුග්‍රහයක්

    ජූනි 13, 2016
    ආපදාවෙන් හානියට පත් කෑගල්ල දිස්ත්‍රික් ජනතාවගේ  ජනජිවිතය යථාවත් කිරිම  සදහා ශ්‍රි ලංකා කතෝලික සභාව වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. 
    අති උතුම් පැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ නියෝජිතයකු ලෙස ශ්‍රි ලංකාවේ වතිකානු නිත්‍ය නියෝජිත අති උතුම් පියර් වැන්ටොට්  පියතුමන්  ප්‍රමුඛ දුත පිරිසක් පසුගියදා  ආපදාවෙන් හානියට පත් කෑගල්ල ජනතාව හමුවිමට පැමිණියහ.
     
    පසුගිය 19 වන දින සිට ආපදාවෙන් හානියට පත් ජනතාව වෙනුවෙන් ශ්‍රි ලංකා කතෝලික සභාවේ රත්නපුර කරිටාස් සත්මිණ ආයතනය විසින්  වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක  කරනු ලැබීය. විශේෂයෙන් පිසු ආහාර ලබා දිම, වියලි ආහාර ලබා දිම, ගෘහ උපකරණ හා සනීපාරක්ෂක උපකරණ ලබා දීම ඉන් ප්‍රධාන වේ. 
     
    අති උතුම් පියර් වැන්ටොට්  පියතුමන්  ප්‍රමුඛ දුත පිරිස  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් . එම්. අබේවික්‍රම  වනසූරිය  මහතා සමග විපතට පත් ජනතාව හමුවට ගොස් රෙදි පිළි ඇතුළු වියලි ආහාර දුව්‍ය ලබා දුන් අතර ඔවුන්ට සෙත් පැතිමක්ද සිදු කරන ලදී.
     
    මෙම අවස්ථාවට  සබරගමුව පළාත් අගරදගුරු ක්ලීටස් පෙරේරා පියතුමන්, රත්නපුර කතෝලිත සභාවේ ඩෙමියන් ප්‍රනාන්දු පියතුමන්, මීසම් සේවක  රංජන් ලාල් මොරායස් පියතුමන්ද සහභාගී වු අතර මෙහි සම්බන්ධිකරණ කටයුතු  රත්නපුර කරිටාස් සත්මිණ ආයතනයේ අධ්‍යක්ෂක ඇන්ටන් ශ්‍රියාන් පියතුමන් විසින් සිදු කරන ලදි. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya