ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ලේ ග්‍රාමීය යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 849 ක්

    ජූනි 13, 2016
    ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 853 ක මුදලක් ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා පුෂ්පා මළලසේ මහත්මිය සඳහන් කර සිටියා ය.
    මේ වන විටත් එම මුදලින් මිලියන 849 ක මුදලක් සඳහා ව්‍යාපෘති වෙන්ව ඇති බවත් ඒ අතරින් වාරිමාර්ග, මහාමාර්ග, ජල සම්පාදන, විදුලිය සහ වෙනත් ග්‍රාමීය ව්‍යාපෘති ප්‍රමුඛස්ථානයක් ගනී.
     
    මෙහි ඝෘජු ප්‍රතිලාභීන් 68,981ක් වන අතර වක්‍ර ප්‍රතිලාභීන් 136,426 කි. ග්‍රාම සේවා වසම් 895ක් පුරා මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සිදුවන අතර මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 789.08 ක අති විශාල මුදලක් වෙන් කොට තිබේ.
     
    වාරිමාර්ග ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 21.75 ක මුදලක් ද, ජල සම්පාදන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 11.75 ක මුදලක් ද , විදුලිය සැපයුම් ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 2 ක් ද, අනෙකුත් ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 52 ක් ද ආදී වශයෙන් ව්‍යාපෘති 1,667  ක් සඳහා මෙසේ මුදල් වෙන් වී ඇති බවට ඒ මහත්මිය සඳහන් කර සිටියා ය.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya