ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පුරන් කුඹූරු අස්වැද්දීමේදී 45.8% ක ප්‍රගතියක්

    ජූනි 22, 2016
    ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි. 
    බලාපොරොත්තු වූ ආකාරයට 45.8% ක ප්‍රගතියක් පුරන් කුඹූරු අස්වැද්දීමෙන් ලබා ගෙන ඇති බවත් අර්තාපල් , පළතුරු සහ එළවළු ආදියේ පසුගිය මාස කිහිපය තුළ නියඟයට සාපේක්ෂව සාර්ථක ප්‍රතිපල ලබා ඇති බව දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පැවසීය.
     
    එමෙන් ම හෙක්ටයාරයකට අඩු රබර් වගාව සඳහා රු 5,000ක සහනාධාර ලබා දීමේ වැඩපිළවෙල මේ වන විට ක්‍රියාත්මක වන අතර පොහොර සහනාධාරයට අදාල මුදල් සියල්ලම බැංකු ගත කර ඇත. ඒ අනූව හෙක්ටයාර් 8,176ක ප්‍රමාණයක ගොවීන් 18,687ක් සඳහා මිලියන 104.103 ප්‍රමාණයක් බැරකර ඇත. නමුත් ගොවීන් 624 ක වැනි සුළු ප්‍රමාණයක්  පමණක් ගොවිතැන් කටයතු ආරම්භ කිරීම ගැටළුවක් බවත් මේ සඳහා සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විම පිළිබඳව කමිටුවේ දී විශේෂ අවදානයට යොමු විය.
     
    ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ද මෙයට සමගාමීව  මෙම රැස්වීම පැවැත්විණි.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya