ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ මාර්ග 587ක් නිවීකරණයට ගිවිසුම් අත්සන් කෙරේ

    ජූනි 22, 2016

    ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුළින් උතුරු පළාතේ මාර්ග 587ක් නවීකරණය සඳහා ගිවිසුම් අත්සන් කළ බව උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් අනුව දිවයින පුරා සෑම පළාතකම ග්‍රාමිය මාර්ග වැඩි දියුණු කිරීමේ අරමුණින් ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

    දැනටමත් දිවයිනේ පළාත් කිහිපයක මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය පසුගිය රජය සමයේ තෝරාගත් ප්‍රදේශවල පමණක් මාර්ග සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වීම හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල මංමාවත් ඉතාමත් අබලන් තත්වයකට පත්ව ඇති බව ද පෙන්වා දී ඇත.

    නව රජය පත්වනතුරු මාර්ග සංවර්ධනයට අදාළ කිසිදු ප්‍රධාන ව්‍යාපෘතියක් උතුරු පළාත තුළ ක්‍රියාත්මක නොවූ බවත් මේ හේතුවෙන් නව රජයේ මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ දිවයිනේ සෑම ප්‍රදේශයකටම සමව ප්‍රතිලාභ ලැබෙන ලෙස ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තුළින් උතුරු පළාතේ මාර්ග 587ක කිලෝ මීටර් 1327.64ක් සංවර්ධනය කිරීමට නියමිතයි. එම පළාතේ දිස්ත්‍රික්ක 05ක් ආවරණය වේ. ආසියානු සංවර්ධන බැංකුව එහි මුල්‍ය දායකත්වය දරනු ලබන අතර ඒ අනුව උතුරු පළාත තුළ ආරම්භ කිරීමට යෝජිත මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගියදා සිදුකෙරිණි.

    මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සහ උතුරු පළාත් සභාව වෙනුවෙන් පළාත් ප්‍රධාන ලේකම් ඒ.පතිනාදන් මහතා  එම ගිවිසුමට අත්සන් තැබූ බව එම අමාත්‍යාංශව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya