ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රථවාහන රක්ෂණ ක්‍රමයක්

    ජූනි 24, 2016
    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් තුන්වන පාර්ශවයේ රථවාහන රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ යූ.ආර්.කේ.ඒ.සී. සෝමරත්න මහතා ප්‍රකාශ කළේය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
     
    ලංකාවේ දැනට ක්‍රියාත්මක වන රක්ෂණ ක්‍රම හා සැසදීමේ දී ඉතාම අඩු රක්ෂණ ක්‍රමය මෙය බවද දිස්ත්‍රික්කයේ ඕනෑම පුද්ගලයෙකුට දිස්ත්‍රික් ගොවිජන රක්ෂණ මණ්ඩලවලින් මෙම රක්ෂණ ක්‍රමයේ ලියාපදිංචි විය හැකි බවද ඒ මහතා පැවසීය.
     
    මේ යටතේ යතුරුපැදියට රුපියල් 470 ක් ද, මෝටර් රථයකට රුපියල් 750.00ක් ද, ට්‍රැක්ටර් (රෝද 04) රුපියල් 700.00ක් ද, ටේලරය, රුපියල් 500.00ක්, ට්‍රැක්ටර් (රෝද 02 ) රුපියල් 500.00ක් ද, ත්‍රී රෝදරථ (කුලී පදනම මත) රුපියල් 1500ක් ද, පුද්ගලික ත්‍රී රෝද රථ සඳහා රුපියල් 900.00ක් ද, ලොරි රථයක් සඳහා රුපියල් 1300.00ක් ද, වශයෙන් රක්ෂණ ගාස්තු අය කෙරේ.
     
    AP/DMU - Kurunegala
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya