ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද පාසැල් සිසුවියන් දැනුම්වත් කිරීමක්

    ජූනි 23, 2016
      “මතින් නිදහස් රටක් “ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පිහිටුවන ලද මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව මගින් සංවිධානය කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් පසුගියදා මාතර මහාමායා බාලිකා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    මෙහි දී ‘දැහැමි දිවියට මත් උවදුර විපතකි, මතින් නිදහස්වීම හා පාලනය වීම, මතින් නිදහස් රටක් සඳහා අපේ අනාගත තරුණ පරපුර සූදානම් කරමු‘ යනාදී මාතෘකා පිළිබඳව සිසුවියන් දැනුම්වත් කරන ලදි.
     
    මෙම වැඩසටහනේ සම්පත් දායකයින් වශයෙන් පිළිවෙලින් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් නිලධාරී චමීර ලක්මාල් මහතා සහ පොලිස් පරීක්ෂක නිහාල් පාලිත දිසානායක මහතා මහතා සහභාගි වූහ.
     
    මේ අවස්ථාවට මාතර මහාමායා බාලිකා විද්‍යාලීය සිසුවියන් සහ ගුරු භවතුන් ඇතුළු 300 ට අධික පිරිසක් සහභාගි වී සිටියහ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩසටහන සංවිධානය කරන ලදි.
     
    AP/DMu-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya