ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෑගල්ලේ ආපදා සහන වලට රජයෙන් ලක්ෂ 524 ක්

    ජූලි 28, 2016
    කෑගල්ල දිස්ත්‍රික්කයට පසුගියදා බලපෑ ආපදා තත්ත්වයේ සහන කටයුතු සදහා රජය මගින් මේ වන විට රුපියල් ලක්ෂ 524 ක මුදලක් ලබා දී ඇති බවත් ඉන් රුපියල් ලක්ෂ 414 ක මුදලක් ආපදා සහන කටයුතු සදහා මේ වන විට වැය කර ඇතැයි ද කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම්.අබේවික්‍රම වනසුරිය මහතා සදහන් කරයි. 
    ඒ මහතා මෙම අදහස් දැක්වුයේ ගලිගමුව ප්‍රදේශයේදී පැවති වැඩමුළුවක් අමතමින්ය. 
     
    මෙහිදි  වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා, කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවු නායයෑම් හා ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 52  මිය ගිය අතර , අතුරුදහන් පුද්ගලයින් සංඛ්‍යාව 99 කි. රජයේ සෘජු මැදිහත්වීම මත කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි ආපදා සහන කටයුතු සිදු  කරන ලදි.
     
    ඉහත රුපියල් ලක්ෂ 524 මුදල තුළින් නාය යෑම් හා ගංවතුර හේතුවෙන් මියගිය අයට අවමංගල්‍යාධාර ගෙවීම , වියලි සලාක දීම , පිසු ආහාර ලබාදීම , විවිධ උපකරණ ලබා ගැනීම , ලිපි ද්‍රව්‍ය හා වෙනත් අවශ්‍යතාවයන් ලබා ගැනීම සදහා යොදවා ඇති බවද වැඩි දුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා පැවසීය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya