ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අරනායකට තාවකාලික කුඩාරම් 633 ක්

    ජූලි 29, 2016
    පසුගියදා ඇති වු නායයෑම හේතුවෙන් අවතැන් වු කෑගල්ල අරනායක ජනතාව වෙනුවෙන් මේ වන විට තාවකාලික කුඩාරම් 633 ක් ඉදි කර ඇති බව කෑගල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජගත් මහතා පවසයි. 
    තාවකාලික කුඩාරම් 633 තුළ පවුල් 615 ක පුද්ගලයින් 2,207 ක් දැනට පදිංචි කරවා ඇති අතර අවතැන් පුද්ගලයන් සදහා තාවකාලික කුඩාරම් ඉදි කිරිම සදහා එංගලන්තය, චීනය, රතු කුරුස  සමාජය හා සංක්‍රමණිකයන් සදහා වන ජාත්‍යන්තර සංවිධානය අනුග්‍රහය දක්වා ඇත.
     
    මෙම තාවකාලික කදවුරු වලට අවශ්‍ය සියළුම යටිතල පහසුකම් ලබා දිමටද විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතින බව වැඩි දුරටත් අදහස් දැක්වු මහේන්ද්‍ර ජගත් මහතා පැවසීය.
     
    AP/DMU- Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya