ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආක්‍රමණශීලි ජීවී විශේෂ පාලනය කිරීම පිළිබඳ වැඩමුළුවක් රත්නපුරයේ දී

    ජූලි 30, 2016
    ආක්‍රමණශීලි ආගන්තුක ජීවී විශේෂ හඳුන්වාදීම සහ පැතිරීම පාලනය කිරීම පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්, මහජන සංවිධාන,රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අගෝස්තු 04 වැනි දින පෙ.ව.9.00 සිට ප.ව.4,00 දක්වා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කරයි.
    ලෝකයේ ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර ලෙස භාවිතා කිරීම මගින් ඒවා වර්තමාන මානව අවශ්‍යතා සඳහා යොදා ගන්නා අතර අනාගත පරපුරට ඵම සම්පත් උරුම කරදිම සඳහා 1992 ජුනි 5 වන දින ඵක්සත් ජාතින්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනයේදී ජෛව විවිධත්වය සඳහා වු සම්මුතියට ශ්‍රි ලංකා රජයේ අනුමැතිය ලබාදී ඇත.
     
    අප රට තුල මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමේදී රජය විසින් ‍මේ වන විට ආගන්තුක ආක්‍රමශිලි ජීවී විශේෂ අප රටට ඇතුල් වීම සහ පාලනය  කිරිම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාකරකම් වල යෙදෙමින් සිටියි.
     
    ඵක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය විසින් ආක්‍රමණශිලි ආගන්තුක ජීවි විශේෂ හඳුන්වාදීම සහ පැතිරීම පාලනය කිරිම සඳහා වු ධාරිතා වර්ධන ව්‍යාපෘතිය යටතේ වූ ජාතික ප්‍රතිපත්තිය පසුගිය ජුනි 05 වැනි දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඵළිදක්වන ලදි.
     
    AP/DMU-Ratnapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya