ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දිවිනැගුම ප්‍රගති සමාලෝචන වැඩසටහන අද

    අගෝස්තු 04, 2016
    ගාල්ල දිස්ත්‍රික් දිවිනැගුම ප්‍රගති සමාලෝචන වැඩසටහනක් අද සමාජ සේවා හා සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
    මේ වන විට දිවි නැගුම නිලධාරීන්ට පවතින ගැටළු සහ ඉදිරියේදී දිවිනැගුම බැංකු නවීකරණය කිරීම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා  අදහස් දක්වා සිටියේ ය. මෙරට දිවි නැගුම බැංකු 1,072ක් සහ මහා සංගම් 322ක් පවතින බවත් මෙම බැංකු ගමේ ඉහළ පොලී අය කරගනු ලබන ආයතන සමග තරග කල යුතු බවත් ඒ සඳහා තාක්ෂණිකව සහ කාර්යක්ෂමව සංවර්ධනය විය යුතු බවටත් අමාත්‍යවරයා පැවසීය.
     
    මේ වන විට දිවිනැගුම බැංකු ඒකක 20 ක් සඳහා ටේලර් යන්ත්‍ර සවි කර ඇති බවත් බැංකු සංවර්ධනය කිරීම සඳහා නව තාක්ෂණික නිලධාරීන් බඳවා ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.එමෙන්ම නිලධාරීන් සඳහා නිසි උසස්වීම් ක්‍රමවේදයක්  සකස් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මේ අවස්ථාව සඳහා අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළුව නිලධාරීන් රැසක් සහභාගී විය. 
     
    මෙම වැඩ සටහන ගාල්ල දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇත.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya