ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ළමා ශ්‍රමය පිටුදකින්න නුවරඑළියේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    අගෝස්තු 05, 2016
    නුවරඑළිය දිස්ත්‍රික්කය ළමා ශ්‍රමයෙන් තොර කළාපයක් බවට පත්කිරීම සදහා විශේෂ වැඩසටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,දිස්ත්‍රික් කම්කරු කාර්යාලය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය එක්ව ආරම්භ කර ඇත.
    මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික්කයේ සියළු ග්‍රාම සේවා වසම් වල රාජකාරි සිදුකරන සංවර්ධන  නිලධාරීන්, ග්‍රාම නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරීම සදහා විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.
     
    අදාල රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවැති අතර දිස්ත්‍රික්කයේ සියළු ග්‍රාම සේවා වසම් වල රාජකාරි සිදුකරන සංවර්ධන  නිලධාරීන් සහ ග්‍රාම  නිලධාරින් ඉලක්ක කර මෙම වැඩසටහන සිදු කෙරිණි.
     
    මෙලෙස දැනුවත් කරන නිලධාරින් හරහා මහජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන අතර ළමා ශ්‍රමිකයින් සහ ඒ සදහා අවදානම් මට්ටමේ සිටින පවුල් හදුනා ගැනීමටද විශේෂ සමික්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
     
    නුවරඑළිය දිස්ත්‍රික්කය තුල වැඩි වශයෙන් තේ වතු ආශ්‍රිත ගම්මාන පිහිටා ඇති අතර එවායේ වෙසෙන ඇතැම්  දරුවන් ශ්‍රමිකයන් ලෙස අගනුවර ආශ්‍රිතව රැකියා සිදුකරන බවට අනාවරණය වි ඇති අතර එවැනි තත්වයන් මගහරවා ගනිමින් දරුවන්ට තම ළමා කාලය ගත කිරීමට අවශ්‍ය පසුබිම සැළසීම පිළිබදවද මෙහිදි අවධානය යොමුවි තිබේ.
     
    මෙම අවස්ථාවට අතිරේක  දිස්ත්‍රික් ලේකම් මල්ලිතා අමරසේකර මහත්මිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
     
    AP/DMU-Nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya