ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සංහිඳියා යාන්ත‍්‍රණය උදෙසා මහජන අදහස් ලබා ගැනීම කුරුණෑගලදී

    අගෝස්තු 09, 2016
    සංහිඳියා  යාන්ත‍්‍රණය උදෙසා  මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් වයඹ පලාත් කාර්ය සාධන බලකායේ සභාපති සුමිතා පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා  කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්විණ. 
    ශ‍්‍රී ලංකාව තුල වසර 30 ට අධික කාලයක් පැවති යුද්ධය හේතුවෙන් විපතට පත් ජනතාව කේන්ද්‍ර කර ගනිමින් සත්‍ය  යුක්තිය, හානි පූර්ණය සහ  නැවත ඇති නොවීම යන කරුණු  04 ක් යටතේ සංහිඳියා  යාන්ත‍්‍රණය සකස් කිරීම සඳහා මහජන අදහස් විමසීම මෙහිදී සිදු කෙරිණ. 
     
    මෙම අදහස් විමසීමේදී ආගමික නායකයින්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින්, මාධ්‍යවේදීන්  ආදී විවිධ ක්ෂේත‍්‍රයන් යටතේ පුද්ගලයින් 39 දෙනෙකු  අදහස් ප‍්‍රකාශ කරන ලදී. 
     
    AP/DMU-Kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya