ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ̔ගැමිලිය විස්කම් - 2016̕ අත්කම් ප්‍රදර්ශනය

    අගෝස්තු 09, 2016
    ̔ගැමිලිය විස්කම් - 2016̕ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විණි.
    ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි පුහුණු මධ්‍යස්ථානයන්හි ගෘහ කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ පුහුණු ලාභිනියන් විසින් නිමවුණු නිර්මාණ මෙම ප්‍රදර්ශණයට ඇතුළත්ය.
     
    පුහුණු මධස්ථාන 30 ක පුහුණුලාභිනියන් විසින් නිමවන ලද කාන්තා හා ළමා ඇඳුම් නිර්මාණ, රෙදි ආශ්‍රිත විවිධ නිර්මාණ, බිත්ති සැරසිළි, පැච්වර්ක් නිර්මාණ, ක්‍රොස් ස්ටිච් නිර්මාණ, ඇප්ලික් නිර්මාණ, වූල් ගෙතුම් නිර්මාණ, හෑන්ඩ් එම්බ්‍රොයිඩර්, රිබන් එම්බ්‍රොයිඩර්, පන්ච් එම්බ්‍රොයිඩර් ඇතුළු එම්බ්‍රොයිඩර් නිර්මාණ, පොල්කටු ආශ්‍රිත නිර්මාණ, මල් වර්ග, පාවහන්, විසිතුරු සතුන් නිර්මාණ ඇතුළු විසිතුරු නිමවුම් විශාල ප්‍රමාණයකින් මෙම ප්‍රදර්ශනය සමන්විත විය.
     
    ඊට අමතරව එම පුහුණුලාභීන් විසින් සරසන ලද මනාලියන් දැක්මක්ද එහිදී සිදුකෙරිණි.
     
    ඌව පළාත් සභා මන්ත්‍රී එම්.පී.ලීලසේන, ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විනීතා දිසානායක, ඌව පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ උපාලි සේනාධීර, ඌව පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ අජිත් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධික අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya