ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තාරුණ්‍ය හරහා රට ගොඩනැගීම රජයේ ප්‍රතිපත්තියයි

    අගෝස්තු 12, 2016
    තාරුණ්‍ය හරහා රට ගොඩනැගීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වී ඇති බවත් තරුණයා හරහා සංවර්ධන වැඩපිළිවෙළ ගමට ගෙන යාමේ අඬිතාලමක් Youth Got Talent වැඩසටහන හරහා ක්‍රියාත්මක කරන බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
    මේ මහතා මේ බව පැවසුවේ අද (12) ජාතික තරුණ සේවා සභාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.
     
    වර්තමාන තරුණයාගේ ආර්ථික, සමාජීය මෙන් ම සිතුම් පැතුම් ද වෙනස් වී ඇතැයි ද ඔවුන් නව තාක්ෂණය සමඟ බද්ධ වී කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගමේ තරුණ තරුණියන්ගේ දක්ෂතා මෙන් ම කුසලතා වඩාත් දියුණු කරමින් ජාතික තලයට ගෙන ඒමට මෙම වැඩසටහන හරහා හැකිවන බවත් පෙන්වා දුන්නේය.
     
    ජාතික තරුණ සේවා සභාව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත Youth Got Talent රියලිටි වැඩසටහන ආකාර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව එක් වැඩසටහනක් වන්නේ යෞවන සමාජ මට්ටමින් ඉදිරිපත් කොට ඇති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් 75,000ක මුදල් ප්‍රදානය කිරීම වන අතර අනෙක් වැඩසටහන වන්නේ ගායන, වාදන මෙන් ම නර්තන හැකියාවන් සහිත තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වනු ලබන රියලිටි වැඩසටහනයි.
     
    මෙම සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ තෝරාගත් ව්‍යාපෘති 1500ක් වෙනුවෙන් රුපියල් 75,000ක් විටනා චෙක්පත් ප්‍රදානය කිරීම ද අද සිදු වූ අතර එම ව්‍යාපෘතිය හරහා රුපියල් 225,000ක පමණ වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් බිහිවෙනු ඇතැයි ජාතික තරුණ සේවා සභාව අපේක්ෂා කෙරේ. මෙම සෑම ව්‍යාපෘතියක් අද සිට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී ක්‍රියාත්මක කළ යුතුය. මෙම ව්‍යාපෘති තුළින් තෝරාගන්නා ව්‍යාපෘති ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් තේරීම් කටයුතු සිදු කෙරේ. ජාතික මට්ටමින් පළමු ස්ථානයට තෝරාගනු ලබන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ද ඊට අමතර ව තෝරාගනු ලබන සෙසු ව්‍යාපෘති 09ක් වෙනුවෙන් ද රුපියල් මිලියනය බැගින ප්‍රදානය කෙරේ.
     
     Youth Got Talent රියලිටි වැඩසටහන හරහා ජයග්‍රහණය කරන තරුණ තරුණියන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක පමණ ත්‍යාග ලබාදීමට ද නියමිත අතර මෙම වැඩසටහන ස්වාධීන රූපවාහිනි සේවය හරහා විකාශය කරන අතර ඒ වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුම සඳහා ජාතික තරුණ සේවා සභාව වෙනුවෙන් එහි සභාපති එරන්ද වැලිඅංගගේ සහ ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් එහි සභාපති සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් අත්සන් තැබුණි.
     
    ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි රියලිටි වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් පළමුවැනි වතාවට තරුණා කෙරෙහි විශ්වාසය තබා ඔවුන් වෙත රුපියල් ලක්ෂ 1200ක් ලබාදීමට කටයුතු කර ඇති බවත් පෙන්වා දුන් ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ මහතා ජාතික තරුණ සේවා සභාව කවදත් තරුණයා වෙනුවෙන් වෙනස් ම ආකාරයේ වැඩසටහන් හඳුන්වාදුන් ආයතනයක් බවත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya