ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර නගරයේ පැල්පත්වාසින්ටත් ස්ථීර නිවාස

    අගෝස්තු 12, 2016
    මහනුවර නගරය තුළ පැල්පත් නිවාස 2500ක් ඇති බව හදුනාගෙන තිබෙන බවත් ඔවුන්ට මහනුවර නගර සංවර්ධනයේදී නිවාස ලබා දීමට කටයුතු ‍යොදන බවත්  බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා  පවසයි. එබැවින් ඔවුන් වෙනුවෙන් තට්ටු නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට සැළසුම් සකස් කොට ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ  මහනුවර නගර සංවර්ධනය පිළිබදව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙම පැල්පත්  නගරයට අගෞරවයක් බැවින්  ඒවා  ඒ ආකාරයෙන් පවත්වාගෙන ඒම පිළිබදව අපි ලජ්ජාවිය යුතු බවයි. පැල්පත් වෙනුවට තට්ටු නිවාස ඉදිකිරිමේදී එක් නිවසක් ඉදිකිරිමට  මිලියන 4ක්  වැයවෙන බව පෙන්වා දුන් අමාත්ය වරයා මේ මුදල  පැල්පත්වාසීන්ට  එක්වර දැරිය නොහැකි බැවින්  රජය ඒ පිළිබද දායකත්වය දැරීමට තීරණය කර තිබෙන බවද පැවසීය. ඒ අනුව අදාල මිලියන හතරෙන්  මිලියන තුනක් රජය මගින්  ලබාදෙන අතර ඉතිරි මිලියනයක මුදල  ඔවුන්ට අපහසුවක් නොවන පරිදි මාසිකව රුපියල් 2500ක් බැගින් වසර 30කින් ගෙවී යන පරිදි නිවෙස් හිමියන්ගෙන්  එය අයකරගැනීමට  කටයුතු කිරීමට  බලාපොරොත්තු වන බවද අමත්‍යවරයා වැඩිදුරටත්  පැවසීය. 
     
    අමාත්‍යවරයාගේ දැනුම්දීම අනුව මහනුවර මහනගර සභාව සතු අක්කර 2 කට ආසන්න ඉඩම ඒ සදහා ලබා දීමට මහනගර සභාවේ නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා එකග වූ බැවින් එම ස්ථානයේ නිවාස සංකීර්ණය ඉදි කිරිමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ එකගත්වය ලබා දිය හැකි බවට මහනුවර දිස්ත්‍රික්කයේ සියළු දේශපාලන නායකයන්ගේ එකගත්වය ලැබුනි.
     
    මෙහිදී අදහස් දැක්වු චම්පික රණවක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොළඹ නගරයේද  පැල්පත් වාසීන් 70,000ක් පමණ ජීවත් වන බවට හදුනාගෙන ඇති අතර 2020 වනවිට  පැල්පත් වෙනුවට තට්ටු නිවාස 40,000ක්  ඉදිකිරීමට  සැලසුම්කර ඇති බවයි. එයින් 20,000ක වැඩ කටයුතු මේ වන විට  ආරම්භ කොට ඇති බවත් පැවසූ අමාත්‍යවරයා සෙසු මහනගර සභා බල  ප්‍රදේශවලද මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට තම අමාත්‍යංශය කටයුතු යොදන බව පැවසීය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya