ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අම්පාරේ සැමට තම නිවසක අයිතිය - ‘සැමට සෙවණ‘ ව්‍යාපෘතියෙන් මුල පිරූ වසරක්

    අගෝස්තු 14, 2016

    අම්පාර නිවාස අහිමි 27,000ක් පවුල් වෙනුවෙන්  තමාගේම නිවසක අයිතිය පිළිබද සිහිනය සැබෑ කිරීමේ පොරොන්දු ඉටු කිරීමේ මූලික අදියර ලෙස මේ වන විට නව නිවාස ගම්මාන ඉදිකිරීම ආරම්භ කර තිබේ.


     ඒ අනුව, අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ හයක් තුළ මේ වන විටත් නව නිවාස ව්‍යාපෘති අටක් නිම වෙමින් පවති.


    දමන කොට්ඨාශයේ අරුණපුර ඉදිවෙමින් පවතින්නේ නව නිවාස 25ක ව්‍යාපෘතියකි.  උහන සමනබැද්ද හා වීරගොඩ ප්‍රාදේශයන්හී දී නව නිවාස 50කින් සමන්විතව ‘සැමට  සෙවණ‘ ආදර්ශ ගම්මාන ව්‍යාපෘති දියත් කොට ඇත. මහඔය කැකිරිහේන හා  දෙහිඅත්තකණ්ඩිය හේනානිගල ගම් මූලික කර ගනිමින් ආරම්භ කළ නව නිවාස 25  බැගින් වන ව්‍යාපෘති දෙකක වැඩ මේ වන විටත් අවසන් අදියරේ පවති.


    අම්පාර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස සැලකෙන  පදියතලාවේ සියඹලාකන්ද හෝලික්‍රොස් ගම්මානයේ ද නව නිවාස 25ක් සදහා  අත්තිවාරම් දමා ඇත.

    පතුරුවැල්ල ග්‍රාමයේ ඉදිකෙරෙන සැමට සෙවණ නව නිවාස 25න් 10කම අත්තිවාරම් නිමකර තිබේ.   තිරුක්කෝවිල් සංගමන්කණ්ඩි ගම්මානයේ ද නව නිවාස 25ක අත්තිවාරම් නිම කර තිබේ.ඒ අනුව, ගෙවුණු වසරේ එලෙස ‘සැමට සෙවණ ආදර්ශ ගම්මාන‘ ලෙස පමණක් නව නිවාස 200ක් ඉදිවෙමින් තිබේ.


    මීට අමතරව, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ උදාගම් ව්‍යාපෘතිය යටතේ අම්පාර දයාපුර නව නිවාස ඉදිකිරීම් ආරම්භ කෙරුණේ මීට දශකයකට පමණ පෙර දයා  ගමගේ මහතාගේ පුද්ගලික ධනයෙන් ඉදිවූ ආදර්ශ ගම්මානයට නව නිවාස  පෙළක්ම එකතු වෙමින් නව සංස්කෘතික ගම්මානයක් ඉදිවෙයි.


    එසේම, තවත් නිවාස 5000කට අධික ප්‍රමාණයක් සදහා අවශ්‍ය පහසුකම් පසුගිය වසරේ දී ප්‍රදේශවාසීන් වෙනුවෙන් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya