විද්‍යා ගුරුවරුන්ගේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රජයේ හා පෞද්ගලික පාසල්වල මෙන් ම ජාත්‍යන්තර පාසල්වල විද්‍යා ගුරුවරුන් හා අධ්‍යාපන පීඨයන්හි කථිකාචාර්යවරු සඳහා සහභාගිවිය හැකිය. ඒ වෙනුවෙන් වූ අයදුම්පත් සැප්තැම්බර් 09දා දක්වා භාරගැනීම සිදු කෙරේ.
ජාතික තලයේ වේදිකාවක් මත තමන්ගේ නව සොයාගැනීම්, පර්යේෂණ සොයා ගැනීම්, ඉගැන්වීම් ආධාරක වැනි විවිධ වූ අවස්ථා අනෙකුත් විද්‍යා ගුරුවරුන් සමඟ බෙදාගැනීම සහ ඉදිරිපත් කිරීම මෙමඟින් මනා අවස්ථාවක් ලබාදෙනු ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හා ඊට අදාළ ඉල්ලුම්පත් www.nie.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.



















