ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවෙන් හානියට පත් දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදාදීමක්

    අගෝස්තු 22, 2016
                                          
    වත්මන් රජය ශ්‍රි ලංකාවේ සෑම දරුවෙකුටම වසර දහතුනක් අධ්‍යාපනය ලබා ගැනිමට  ඉදිරියේ දී කටයුතු කරනවා. පසුගිය කාලයේ අටවන පංතිය හෝ සාමාන්‍ය පෙල අසමත් වී අධ්‍යාපනය අතහැර දමා අපේක්ෂා භංගත්වයට පත් වුනු විශාල පිරිසක් සිටියා.එම නිසා සමාජයේ ඉහළ රැකියාවකට පවා යාමට ඔවුනට ඇති අවස්ථාව නැති වුනා. එම තත්වය වත්මන්  රජය යටතේ වෙනස් කරනවා යයි  ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කලේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පසුගියදා නායයාමෙන් අවතැන් වූ හා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් උපකරණ සමග පාසල් බෑග් ලබාදීමේ උත්සවය සහභාගි වෙමිනි.
     
    මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කෑගල්ල දිස්ත්‍රික්කයේ රජයේ පාසල් 500 ක්  තියෙනවා. ඉන් 14ක් පමණයි ජාතික පාසල්. අනෙක් ඒවා පළාත් සභා පාසල්. පළාත් සභාවට අයිති එම පාසල් වලට ගුරුවරු නෑ.එහෙම තියෙද්දී පළාත් සභාව කලේ එම පාසල්වල මානව හා හෞතික සම්පත් ලබාදීම වෙනුවට මුරකරුවන් හා කම්කරුවන් බදවා ගැනීමයි.කෑගල්ල දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ 48% ක් ගණිතය අසමත්. ජනවාරි අට වන දින මේ රටේ ජනතාව නිහඩ විප්ලයක් මගින් ඉල්ලුවේ ඉර,හද,තාරකා නොවෙයි. නීතියේ ආධිපත්‍යය,සාධාරණ සමාජයක්. අපිට හැකි වුනා.ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට, කොමිසම් සභා පත්කිරීමට,නීතියේ ආධිපත්‍යය සුරැකීමට,තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමට,ජනාධිපති තනතුරේ විධායක බලය අඩු කර ව්‍යවස්ථාදායකයේ බලය වැඩි කිරීමට, සමෘද්ධි හා මහපොළ දීමනා වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා. 
     
    රටේ සම්පත් සියලු දෙනාටම බෙදීයාමේ  ක්‍රමවේදයක් රජය අනුගමනය කරනවා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට එක් මැතිවරණ කොට්ඨාසයකින් ව්‍යවසායකයන් දහස බැගින් නගා සිටුවීමට කටයුතු කරනවා.පසුගිය දිනවල නායයාම් නිසා ව්‍යාපාර අහිමි වූවන් වෙනුවෙන් සහන ලබාදිමට කටයුතු කරනවා යයි ද පැවැසීය.
     
    මෙම පාසල්බෑග් හා උපකරණ වටිනාකම රුපියල් එක් දහස් දෙසීයක් පමණ වෙයි. එවැනි බෑග් 517 ක් පමණ බෙදා දෙන ලදී.
     
    මෙම අවස්ථාවට එස්.ඕ.එස් ගම්මානයේ ජාතික අධ්‍යක්ෂ ආනන්ද කරුණාරත්න,වැවිලි මානව භාරයේ සභාපති වී.පුත්‍රසිගාමනී යන මහත්වරු ද සහභාගි වී සිටියහ. 
     
    AP/DMU -Kegalle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya