ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බදුල්ලේ පවුල් 1813කට නිවාස ණය පිරිනැමේ

    අගෝස්තු 29, 2016
    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභී පවුල් 1813කට සැමට සෙවණ "විසිරි නිවාස ණය" පිරිනැමීම සහ තරුණ තරුණියන් 100දෙනෙකුට ශිල්ප සවිය වැඩසටහන යටතේ වෘත්තීය උපකරණ කට්ටල් පිරිනැමීම පසුගිය දින නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    නිවාස ණය ප්‍රදානය කිරීමේ උත්සවය බදුල්ල නගර ශාලාවේ දී පැවැත්විණි.
     
    ඒ අනුව ප්‍රතිලාභී පවුල් 1813කට රුපියල් ලක්ෂ 2070ක විසිරි නිවාස ණය පිරිනැමූ අතර ඉදිරියේ දී තවත් පවුල් 1500කට මෙලෙස නිවාස ණය ලබාදීමට කටයුතු සැලසුම් කරමින් පවතී.
     
    මෙම වර්ෂය සඳහා තම අමාත්‍යශයට නිවාස සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා රුපියල් ලක්ෂ 58,000ක් ලබා දී ඇතැයි කී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලබන වසරේ සිට දිස්ත්‍රික් නිවාස කමිටු ස්ථාපනය කරන බවත් ඉන්පසුව එම කමිටු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දක්වා මෙන් ම කුඩා ගම්මාන දක්වා රැගෙන යන බවත් පැවසීය. 
     
    2017 වසරේ දී බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් උදා ගම්මාන 50ක් ඇති කිරීමට යෝජනා වී ඇතැයි පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya