ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කුවේට්හි රැඳී සිටි 35 දෙනෙකු නැවත දිවයිනට

    අගෝස්තු 29, 2016
    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ 35 දෙනෙකු ඊයේ (28) යළි දිවයිනට ගෙන්වා ගෙන ඇත. මෙම පිරිස කුවේට්හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි පිරිසකි. විදේශ රැකියා අමාත්‍යවරිය පසුගියදා කුවේට් රාජ්‍යයේ කළ සංචාරය අතරතුර එරට තානාපති කාර්යාල නිලධාරීන්ට දුන් උපදෙස් මත මොවුන් දිවයිනට ගෙන්වාගෙන ඇත. 
     
    මෙසේ පැමිණි 35 දෙනාම කාන්තාවන් වන අතර ඔවුන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන් සේවා ගිවිසුම ඉක්මවීමට පෙර රැකියා ස්ථානයේ සිදු වූ විවිධ කරදර හේතුවෙන් සුරක්‍ෂා නිවාසයට පැමිණ ඇත. 
     
    මේ වසරේ මේ දක්වා කුවේට් සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි 1183 දෙනෙකු දිවයිනට ගෙන්වා ගෙන තිබේ. 
     
    මීට අමතරව සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිටි කාන්තාවන් 9 දෙනෙකු ද ඊයේ දින දිවයිනට පැමිණි අතර, ඔවුන් ද රැකියා ස්ථානයේ සිදු වූ විවිධ කරදර හේතුවෙන් තානාපති කාර්යාලයට පැමිණ ඇත. එම කාන්තාවන්ගෙන් 7 දෙනෙකුට කාර්යාංශයේ සහන පියස මධ්‍යස්ථානය මඟින් ගමන් වියදම් ලබාදී නිවෙස්වලට පිටත් කර තිබේ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya