ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අම්පාර වී මිළදී ගැනීම් කඩිනම් කෙරේ

    අගෝස්තු 30, 2016

    යල කන්නය සඳහා අදාළ මිලදී ගැනීම් වී මෙට්‍රික් ටොන් 120,000 සීමා නොවී අම්පාර වී මිලදී ගැනීම කඩිනම් කරන්නැයි ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී හැරිසන් මහතා වී අලෙව් මණ්ඩලයේ නිලධාරීන්ට පැවසීය.

    අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ අම්පාර උහන ප‍්‍රදේශයේ වී අලෙවි මණ්ඩලය වී මිලට නොගැනීම සම්බන්ධයෙන්  ගොවීන් විසින් ඉදිරිපත් කළ ගැටලු පිළිබඳව සොයා බැලීමට එහි ගිය අවස්ථාවේය.
     
    අම්පාර පාලම් කදවුර කොහොඹාන කෝංගස්හංදිය වීරගොඩ වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත ගිය අමාත්‍යවරයා එහි සිටි ගොවීන් සමඟ සාකච්ඡා කළේය. එහිදී අමාත්‍ය වරයාට ගොවීන් පවසා සිටියේ මෙම ගබඩා 2015 මහ කන්නයේ වී තොග ගොඩ ගසා ඇති බැවින් මෙම කන්නය සඳහා එක්රැස් කිරීමට ඉඩ කඩ ප‍්‍රමාණවත් නොවන බවයි.
     
    එහිදී අමාත්‍ය වරයා එහි වී මෙට්‍රික් ටොන් 10,000 ගබඩා කිරීමට හැකියාවක් ඇති පෞද්ගලික ගබඩාවක් කුලී පදනම සඳහා ගැනීමටත් යුද හමුදා ලොරි රථ උපයෝගී කර ගනිමින් උහණ ගොවීන්ගේ වී තොග වෙනත් ගබඩා වෙත කඩිනමින් ප‍්‍රවාහණය කර ගොවීන්ගේ වී මිලදී ගන්නා ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය.
     
    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා  වී අලෙවි මණ්ඩලය පිහිටුවීමෙන් අනතුරුව වැඩිම අස්වැන්නක් මිලදී ගත්තේ 2015 යල් කන්නයේ වී මෙට්‍රික් ටොන් 175,000 ක් බවත් මෙවර වී මිලදී ගැනීම අපි ගිය සදුදා ආරම්භ කඵ බවත් පැවසීය. එක ගොවියකුගෙන් වී කිලෝ 2,000 මිලට ගන්නවා. නාඩු කිලෝවක් රුපියල් 38 , සම්බා කිලෝවක් රුපියල් 41 බැගින් හා කීරී සම්බා රුපියල් 50  බැගින් මිලදී ගන්නා බවත් පැවසීය.
     
    වී අලෙවි මණ්ඩලය කියන්නේ ලාභ ලබන ආයතනයක් නෙමෙයි.  ගොවියාගේ අස්වැන්න ට නිසි මිලක් නිර්දේශ කරන්නේ වී අලෙවි මණ්ඩලය. අතර මැදියාගෙන් ගොවියා ආරක්‍ෂා කරලා උදේ හවස මහපොළව හා ගැටෙන ගොවියාට නිසි වෙළඳපොළක් ලබා දෙන එක අපේ වගකීමක් යයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    මෙම අවස්ථාව සදහා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ වී අලෙවි මණ්ඩලයේ ප‍්‍රාදේශීය කළමනාකරු ආර් එමි රත්නායක මහතා ඇතුලු නිළධාරීන් කීපදෙනකු එක්වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya