ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල ව්‍යාපෘති 698කට රුපියල් මිලියන 2,170.2 ක්

    අගෝස්තු 30, 2016

    ළඟම පාසල හොඳම පාසැල් වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 698 කට රුපියල් මිලියන 2170.2 ක මුදලක් වෙන්ව ඇති බවට පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීමේදී අනාවරණය විය.

    මෙහිදී  වැට් පිළිබඳව පැහැදිලි කිරීමක් සම සභාපති අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් ඉදිරිපත් කළ අතර එය ප්‍රගතිශීලි බදු ප්‍රතිපත්තියක් බවට හඳුන්වා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව සඳහන් කර සිටියේ ය.

     

    එමෙන් ම දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක 2016 පරිසර හිතකාමී ගම්මාන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උක්වත්ත ග්‍රාමසේවා වසමට රුපියල් මිලියන 7ක මුදලක් වෙන් වී ඇති බව දිවිනැගුම ගාල්ල දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරිය සඳහන් කර සිටියාය.

     

    සම සභාපතිවරුන් වන  අමාත්‍ය චන්දිම වීරක්කොඩි හා  පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි  යන මහත්වරුන්  සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරාගඩ මහතා ඇතුළු පළාත් සභා මහජන නියෝජිතයින් රැසක් ද මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

     

    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya