ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහජන සෞඛ්‍ය නීතිරාමුව පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

    සැප්තැම්බර් 01, 2016
    "මහජන සෞඛ්‍ය නීතිරාමුව පිළිබඳව" මහජන සෞඛ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැත්විණි.
     
    මෙම වැඩමුළුව ජාතික මට්ටමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය, නීති ආධාර කොමිෂන් සභාව හා සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය එක්ව සංවිධානය කොට තිබිණි. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනි.
     
    මෙම වැඩමුළුව සඳහා උතුරු නැගෙනහිර පළාත් ඇතුළු සියලු පළාත්වලින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 130ක් පමණ සහභාගි වී සිටියහ.
     
    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී ඇතිවන නීතිමය ගැටලු මෙහිදී අනාවරණය වූ අතර එම ගැටලු මෙම වැඩමුළුව අවසානයේ දී වාර්තාවක් ලෙස සකස් කොට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී යෝජනා විය. 
     
    ඉදිරියේ දී මෙම වැඩමුළුව දින 05ක ක්ෂේත්‍රගත පුහුණු වැඩමුළුවක් ආකාරයෙන් සංවිධානය කිරීමට කටයුතු කරන බවත් ඒ හරහා මහජනතාව වෙනුවෙන් මනා සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය නිලධාරීන් බලගන්වන බවත් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුවන් ෆර්ඩිනෑන්ඩු මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට සඳහන් කළේය.
     
    1980 අංක 26 දරන ආහාර පනත, 1991 අංක 20දරන ආහාර (සංශෝධන) පනත, 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත, 1988 අංක 56 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත සහ  1980 අංක 47 දරන මධ්‍යම පරිසර අධිකාරි පනත් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya