ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නිවාස අමාත්‍යංශය හා මානව ජනාවාස වැඩසටහන අතර අවබෝධතා ගිවිසුමක්

    සැප්තැම්බර් 01, 2016
    ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගිතාව වැඩිදියුණු කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය දින අත්සන් තබන ලදී.
     
    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් ඩබ්. කේ. කේ. අතුකෝරාළ මහත්මිය රජය වෙනුවෙන් ද එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ආසියානු පැසිෆික් කලාපීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මානව ජනාවාස නිලධාරී ශ්‍රී නිවාස පෝපුරි මහතා එම ආයතනය වෙනුවෙන් ද ගිවිසුමට අත්සන් තබන ලදී.
     
    එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු සඳහා 1978 වසරේ සිට සිය දායකත්වයක් ලබා දී තිබේ. ඒ කොළඹ නගරය සඳහා ප්‍රමුඛතා සැලැස්මක් සකස් කිරීම, රජයේ නිවාස දස ලක්ෂයේ වැඩසටහන හා ජනතාව පදනම් කරගත් ව්‍යවහාරික වැඩසටහන් සම්පාදනයෙනි.
     
    මෙම අවබෝධතා ගිවිසුමෙන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන හා ශ්‍රී ලංකා රජය අතර සමීප සබඳතා තවදුරටත් තහවුරු වනු ඇත. මෙරට සැමට යෝග්‍ය නිවාස ලබාදීම ඉලක්ක කර ගනිමින් සිය නිවාස ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට නිවාස හා ඉදකිරීම් අමාත්‍යංශය ගන්නා පියවරේ දී එක්සත් ජාතීන්ගේ මානව ජනවාස වැඩසටහන ඊට සහයෝග ලබාදෙනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya