ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩසටහන සැප්. 05 දා

    සැප්තැම්බර් 04, 2016
    ‘පිවිතුරු දකුණ මතු පරපුරට‘ යන තේමා මුල්කර ගනිමින් දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩසටහනක් සැප්තැම්බර් 05 දින සිට 11 දින දක්වා සතියක කාලයක් දකුණු පළාතේ රාජ්‍ය ආයතන සහ පරිගණක හා රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථාන වල දී ක්‍රියාත්මක කෙරේ.
    එහි දී අබලි ද්‍රව්‍ය වශයෙන් ඉවත දමන ජංගම දුරකථන හා ජංගම දුරකථන උපාංග, සියලුම වර්ගවල බැටරි, රෑපවාහිනී යන්ත්‍ර හා උපාංග, පරිගණක යන්ත්‍ර හා උපාංග, සීඩී හා ඩීවීඩී වර්ග සහ සීඑෆ්එල් බල්බ් ඇතුළු අබලි ඉලෙක්ට්‍රොනික උපකරණ එක්රැස් කෙරේ.
     
    ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත් ආකාරයට පරිසරයට මුදාහැරීම හේතුවෙන් පිළිකා, ස්නායු හා ස්වසන රෝග, පෙනහළු ආබාධ, ජාන විකෘතිතා, සමේ රෝග, සහ මිනිස් මොළයට හානිවීම ආදිය සිදුවේ. භූගත ජලයට හා වායුගෝලයට ඉලෙක්ට්‍රොනික අපදුව්‍යවල ඇති විෂ රසායන එකතුවීමෙන් විශාල පරිසර දූෂණයක් ද සිදුවේ.
     
    දකුණේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීම ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, දකුණු පළාතේ සියලු ම ප්‍රාදේශිය ලේකම් කාර්යාල, ප්‍රාදේශිය සභා හා නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන, රුහුණු රන්සළු මධ්‍යස්ථාන, පශු වෛද්‍ය කාර්යාල ඇතුළු රජයේ ආයතන සහ පරිගණක හා රූපවාහිනී යන්ත්‍ර අලුතුවැඩියා කරන ස්ථාන ආදියෙහි දී සිදු කෙරේ. ඒ සඳහා අදාළ ආයතනවල ඒ ඒ අපද්‍රව්‍ය බහාලීමට බඳුන් තබා ඇති බව දකුණු පළාත් පරිසර අමාත්‍යංශය පවසයි.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya