ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ යාපනය හා කිලිනොච්චියට නව ජල යෝජනා ක්‍රමයක්

    සැප්තැම්බර් 04, 2016
    ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ යාපනයේ සිට කිලිනොච්චිය දක්වා ජලය සැපයෙන නව ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු කරමින් පවතී. ඒ වෙනුවෙන් වූ ගිවිසුමකට පසුගිය දා අත්සන් තැබිණි.
     
    ගිවිසුම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා ද මෙහි කොන්ත්‍රාත් සමාගම වෙනුවෙන් චීන මැෂිනරි ඉන්ජිනියරින් කෝපරේෂන් ආයතනය වෙනුවෙන් එහි ව්‍යාපෘති කළමනාකාර වෑන්ග් සියෝන්ග් අත්සන් කොට ඇත.
     
    ඩොලර් මිලියන 270ක් වැය කරමින් ඉදිකෙරෙන මෙම නව ජල යෝජනා ක්‍රමයෙන් යාපනයේ සිට කිලිනොච්චිය දක්වා පදිංචි පවුල් 7500කට නල ජලය සැපයීමට බලාපොරොත්තු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya