ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ළමුන් ආරක්ෂා කිරිමේ වැඩ සටහනක්

    සැප්තැම්බර් 06, 2016

    හදිසි අනතුරු වලින් සහ විපත් වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සදහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමේ විශේෂ වැඩ සටහනක් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    සෙනෙහෙ තටාක නමින් හැදින්වු මෙම වැඩ සටහන නිවාස පදනම් කර ගත්  මුල් ළමා විය සංවර්ධනය පිළිබදව දැනුවත් කිරීම සිදුවිය. එසේම හදිසි අනතුරු හා විපත් වලින් තම පරිසරය තුළ ආරක්ෂා වන ආකාරය පිළිබදව මුල් ළමා විය දරුවන්ට අවබෝධය ලබා දීම සහ තම සනීපාරක්ෂාව හා ස්වසතතාවය පිළිබදව දරුවන්ගේ දැනුවත්භාවය ඇති කිරිම පිළිබදව නිලධාරීන් දැනුවත් කිරීම මෙම වැඩ සටහනේ අරමුණ විය. 
     
    මුල් ළමා විය සංවර්ධන ක්ෂේත්‍ර ගත නිලධාරීන් හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.  මෙම වැඩ සටහන කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර සම්පත් දායකයින් ලෙස කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ විය.
     
    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම්  කාර්යාලයේ අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා කටහුතු අංශයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩ සටහන  පැවැත්විණි. 
     
    AP/DMU-Kegalle
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya