ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම පළාතේ ව්‍යවසායකයින් ඇගයීමට තරු සම්මාන ප්‍රදානෝත්සවයක්

    සැප්තැම්බර් 07, 2016
    මධ්‍යම පළාතේ හොදම ව්‍යවසායකයින් තෝරා ඔවුන් ඇගයීම සදහා තරු සම්මාන ප්‍රදානය කිරීමට මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය සහ පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් කටයුතු යොදා තිබේ. 
    මධ්‍යම පළාතේ සිටින ව්‍යවසායකයින්‍ට මෙම සම්මාන ප්‍රදානෝත්සවය සදහා අයදුම් කළ හැකි අතර, එය කාණ්ඩ හතරක් යටතේ පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඉතා කුඩා, කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ යන අංශ යටතේ තරඟය පැවැත්වෙන අතර, ජයග්‍රාහකයන්ට පිළිවෙලින් තරු 01, තරු 02, තරු 03 සහ අති විශිෂ්ඨ යන සම්මාන පිරි නැමීමට නියමිතය. 
     
    මධ්‍යම පළාත තුළ විසිරී සිටින නිෂ්පාදන හෝ සේවා කර්මාන්තවල නියැලෙන කර්මාන්තකරුවන්ට මේ සදහා ඉදිරිපත්විය හැකි අතර, ව්‍යවසායකත්ව සංවර්ධනය සදහා වටිනකාමක් ලබා දීම මේ මගින් අපේක්ෂිතය. ඒ අනුව ක්ෂේත්‍ර හතර යටතේ හොදම ව්‍යවසායකයින් 106 ක් තෝරා ඔවුන් වෙත සම්මාන සහ ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. 
     
    උද්යෝගීමත් ව්‍යාපාරික පිරිසක් බිහි කිරීම තුලින් කර්මාන්තකරුවන් ජාතික සංවර්ධනයට වැඩි වශයෙන් දායක කර ගැනීම, දියුණු වන ව්‍යවසායකයන් තව දුරටත් දිරිමත් කිරීම සහ දිරිමත් ව්‍යාපාරිකයන් සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම යන අරමුණු පෙරදැරි කරගෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවය පවත්වනු ලබයි.
     
    මෙම සම්මාන උළෙල සම්බන්ධ ඉල්ලුම් පත් භාර ගැනීම 2016 සැප්තැම්බර් 10 වැනි දින අවසන් කෙරෙන අතර, මේ සම්බන්ධ වැඩි විස්තර 081-2385329 අංකයෙන් හෝ 081-4926416 යන අංකයෙන් ලබාගත හැකිය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya