ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2016

    සැප්තැම්බර් 07, 2016
    කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය - 2016” (Annual International Research Conference - IRC) හෙට (08) සහ අනිද්දා (09) දෙ දින තුළ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වේ.
     
    “වෘත්තීය සහසම්බන්ධතාවය තුළින් ආරක්‍ෂිත දේශයක්” (Professional Integration for a Secure Nation) යන තේමාව යටතේ සංවිධානය වන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් සිදුකිරීමට නියමිතය.
     
    ආරක්‍ෂක හා උපක්‍රමික අධ්‍යනය, ඉංජිනේරු ‍ක්‍ෂේත්‍රය, නිර්මිත පරිසර සහ අවකාශ විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය ,වෛද්‍ය විද්‍යාව වැනි විවිධ විෂය ක්ෂේත්‍ර නවයක් ඔස්සේ ඉදිරිපත් කිරීම් සහ දේශන සැසිවාර ගණනාවක් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රනය තුළදී තෝරාගත් පර්යේෂණ නිබන්ධන විශාල ප්‍රමාණයක් ද ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු රටවල 13ක් නියෝජනය කරමින් ආරාධිත දේශකයන් 40ක් ඇතුළු දේශීය විද්වතුන් 300කට අධික ප්‍රමාණයක් මෙවර 2016 සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya