ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවේ අඩු ආදයම්ලාභීන් සඳහා නිවාස 150ක්

    සැප්තැම්බර් 07, 2016
    සබරගමු පළාතේ අඩු ආදයම්ලාභී ප්‍රජාව ඉලක්ක කර ගනිමින් නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සබරගමු පළාත් සභාව පියවර ගෙන ඇත.
     
    එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ප්‍රජාව වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමට අදාළ චෙක් පත් ප්‍රදානය කිරීම පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් සිදුවිය.
     
    මෙම නිවාස  ව්‍යාපෘතිය යටතේ මෙම වර්ෂය තුළ සබරගමු පළාත් සභාව මගින් ඉදි කෙරෙන නිවාස ප්‍රමාණය 150කි.
     
    එම නිවාස ඉදිකිරීම  සඳහා පළාත් සභාව එක් නිවසකට ලබා දෙන මුළු මුදල රුපියල් දෙලක්ෂ පනස්දහසකි. නිවාස ඉදිකිරීමට අදාල ව ශ්‍රම දායකත්වය හා අමු ද්‍රව්‍ය ඒ ඒ ප්‍රදේශ ආශ්‍රිතව සපයා ගැනීමට ද අවශ්‍ය සැලසුම් සකස් කර ඇත.
     
    මෙම අවස්ථාවට  පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන් සහභාගී වුහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya