ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම පළාතේ ඖෂධ අලෙවිසැල් පරික්ෂා කෙරේ

    සැප්තැම්බර් 08, 2016
    මධ්‍යම පළාතේ සියළුම ඖෂධ අලෙවිසැල් පරික්ෂා කිරීම සදහා විශේෂ කණ්ඩායමක් යොදවන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා පවසයි. ඒ අනුව ඉදිරි කාලයේදී මෙම කණ්ඩායම් විසින් ඖෂධ අලෙවිසැල්වල පවත්වාගෙන යන  ඖෂධවේදීන්ගේ සුදුසුකම් පිළිබද සොයා බලා බලපත්‍ර නොලත් පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව පවසයි. 
    අමාත්‍යවරයා මේ අදහස් පළ‍කළේ පසුගියදා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදීය.
     
    වෛද්‍යවරයෙක් විසින් නිකුත් කළ ඖෂධ වට්ටෝරුවකට පසුගියදා ඖෂධ අලෙවිසැලකින් නිකුත් කළ වැරදි ඖෂධයක් නිසා නුවරඑළි‍ය ප්‍රදේශයේ කාන්තාවක් මිය යෑම සම්බන්ධ කරගනිමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පිලිප් කුමාර් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු දැක්වීම සිදු කරන ලදී. 
     
    මෙහිදී කරුණු දැක්වූ මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා මියගිය කාන්තාව හා සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරෙන බවත්, අදාල ඖෂධ අලෙවිසැලේ ඖෂධවේදියා සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු තව දුරටත් සිදු කිරීමට නියමිත බවත්ය. ‍ඖෂධ අලෙවිසලක් පවත්ගෙන යෑමට බලපත්‍රයක් හිමි අවසරලත් ඖෂධවේදියෙක් සිටිය යුතු වුවත්, බොහෝ ස්ථානවල එවැනි බලපත්‍රලාභී ඖෂධවේදීන් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. ඇතැම් බලපත්‍රලාභීන් තම බලපත්‍රය වෙනත් අයට අලෙවි කිරීමේ ව්‍යාපාරයක්ද සිදු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  බොහෝ ඖෂධ අලෙවිසැල්වල සිටින්නේ වෙළද සහායකයන් පමණක් බවද පැවසීය.
     
    මේ ගැටළුව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා වෛද්‍යවරුන්ද හැකි සෑම විටම ඖෂධ වට්ටෝරු නිකුත් කිරීමේදී ඒවා කියවීමට සුදුසු පරිදි පැහැදිලිව ලිවීමටද සැලකිලිමත් වන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අවම කරගත හැකි බව පෙන්වා දෙන ලදී.
     
    මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ‍ගේ ප්‍රධානත්වයෙන් ඖෂධ අලෙවිසැල් පිළිබද සිදු කෙරෙන පරීක්ෂණ සිදු කෙරෙන බව පැවසූ අමාත්‍යවරයා මෙහිදී ඖෂධසැල්වල ප්‍රමිතිය ඇතුළු සෙසු නිර්නායක පිළිබදවද දැඩි ලෙස සැලකිලිමත් වන බවද පෙන්වා දෙන ලදී.
     
    AP/DMU-Kandy
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya