ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර දිස්ත්‍රික් පෝෂණ කමිටුව රැස්වේ

    සැප්තැම්බර් 19, 2016
    පෝෂණය සම්බන්ධයෙන් වන බහු අංශික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබදව ග්‍රාමීය කමිටු දැනුවත් කිරිමේ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුල ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබේ.
    ග්‍රාමීය වශයෙන් සෞඛ්‍ය හා පෝෂණය නැංවීමට ගන්නා මෙම ක්‍රියාමාර්ග වලදී දැඩි පරිශ්‍රමයක් යොදා  ග්‍රාමීය ජනතාව තුල පෝෂණිය ආහාර සදහා හුරු කිරිම කළ යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා පැවසීය.
     
    ඒ මහතා මේ අදහස් පළකලේ, දිස්ත්‍රික් පෝෂණ කමිටුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වු අවස්ථාවේදී ය.
     
    සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධ ඉහළ නිලධාරින් මෙන්ම ප්‍රාදේශිය ලේකම්වරුන් ද එහිදී කැපි පෙනෙන දායකත්වයක් ලබාදිය යුත් බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
     
    නිරෝගී බව,පෝෂණය ආදි ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකි.
     
    AP/DMU-Anuradhapura
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya