ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආක්‍රමණශීලි ජීවි විශේෂ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් අනුරාධුරයේදී

    සැප්තැම්බර් 19, 2016
    ආක්‍රමණශීලි ආගන්තුක ජීවි විශේෂ පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළු මාලාවක් අනුරාධපුරයේදී පසුගිය දිනයන්හි පැවැත්විණි.
    එහිදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසකට ආක්‍රමණශීලී ශාක හා සත්ව විශේෂ සම්බන්ධ දැනුම ලබා දීම සිදුවිය.  මෙහි මුඛ්‍ය බලාපොරොත්තුව වන්නේ, සාමාන්‍ය ජනතාව වෙත මෙම දැනුම රැගෙන යාමට අවශ්‍ය අත්වැල සැපයීමයි. එයින් ආක්‍රමණශීලී ශාක හා සත්ත්ව විශේෂ නිසා ඇතිවන ගැටළු මඟහරවා ගත හැකිය.
     
    මෙම වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මඟින් ක්‍රියාවට නංවයි. ආක්‍රමණශීලි ශාක විශේෂ 82 ක් පමණ ශ්‍රි ලංකාව තුල පැතිර පවතී. ඒවායින් ඇති වන ආර්ථිකමය බලපෑම පාලනය කර ගැනීම උදෙසා ක්‍රියා කිරීමට නම් නීතිමය පද්ධතියක් ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වටිනා බව දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සම්බන්ධ වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya