ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරිමට පියවර

    ඔක්තෝබර් 05, 2016

    අනුරාධපුර දිස්ත්‍රික්කයට සෑම වර්ෂයකම බලපාන ගංවතුර තර්ජනයට පිළියම් වශයෙන් හා තවත් ප්‍රතිලාභ රැසක්  අපේක්ෂාවෙන් ඉදිකිරිමට යෝජිත පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරිම් ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉතා කඩිනමින් ආරම්භ කිරිමට පියවර ගන්නා බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා  පැවසී ය.

    මෙම නව ව්‍යාපෘතිය සදහා කැබිනම් අනුමැතිය ද ලැබී තිබෙන බැවින් ව්‍යපෘතිය ආරම්භ කිරිමට අදාල පුර්ව සුදානම් වීම් මේ වන විට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ අදහස් පළකළේ , අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරි ව්‍යාපෘති පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී  වූ අවස්ථාවේ දී යි.

     

    මල්වතු ඔය ගංගා ද්‍රෝණිය මෙරට ඇති දෙවන විශාලතම ගංගා ද්‍රෝණිය ලෙස සැලකේ. එහි පෝෂක ප්‍රදේශයට අනුරාධපුර දිස්ත්‍රික්කය , වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික්ක තුනෙහිම  ප්‍රදේශ අයත් වේ. මෙම ජලාශය ඉදිකිරිමෙන් නව වාරි පහසුකම්, විදුලි ජනනය , පානීය ජල ගැටලුවට විසදුම් ලැබීම, අභ්‍යන්තර මාර්ග ඉදිවීම, වනාන්තර හා වන ජීවි සංරක්ෂණය , ආදී ප්‍රතිලාභ රැසක් අත් වේ. මෙම ජලාශය ඉදිකළ පසුව එය ශ්‍රී ලංකාවේ තුන්වන විශාලතම ජලාශය ලෙස ඉතිහාසයට එක්වනු ඇත. එහි අක්කර අඩි ප්‍රමාණය එක්ලක්ෂ හැටනම දහසකි. යෝජිත ව්‍යාපෘතිය සදහා වැය වන ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන දොලොස්දහස් තුන්සියයකි.

     

    AP/DMU-Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya