ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත්‍රික්කයේ වගා නොකරන ඉඩම් වගා කිරීම සඳහා කමිටුවකින් නිර්දේශ

    ඔක්තෝබර් 05, 2016

    මාතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු හා වගා නොකරන ඉඩම්වල වගා කළ හැකි භෝග මොනවාද යන්න හඳුනාගෙන  ඒ පිළිබඳව නිර්දේශ ලබා දීම කමිටුවක් මගින් සිදු කළ යුතු බව මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් බන්ධුල රණවීර මහතා පවසයි.

    අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් පලකළේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී දිස්ත්‍රික්කයේ වගා නොකරන ඉඩම් සම්බන්ධව ඉදිරිපත් වූ කරුණු පිළිබඳව අවධානය යොමු කරමිනි.

     

    මෙහි දී විශේෂයෙන් ම අවධාරණය කළේ පුරන් කුඹුරු සඳහා කමිටුව මගින් නිර්දේශ කරන භෝග වගාවන් කුරුඳු, කෙසෙල් වැනි බහු වාර්ෂික භෝග නොවිය යුතු බවත් අදාළ පුරන් කුඹුරු ඉඩම් වලට ගැලපෙන එළවලු, පලා වර්ග වැනි බහුවාර්ෂික නොවන භෝග වගාවන් වියයුතු බවත් ය.


    අදාළ කමිටුව සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය, ගොවිජන සේවා සහකාර කොමසාරිස් කාර්යාලය, වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය හා ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ පිරිසක් එක්විය යුතු බව ද අනාවරණය කෙරිණි.

     

    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගතිය, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතනවල මාසික ප්‍රගතිය, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටළු පිළිබඳව, දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත එවන ලද ලිපි පිළිබඳව, පසුගිය කන්නයේ හා ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

     

    මේ අවස්ථාව සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් සුමිත් අලහකෝන් මහතා, දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන්, ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්, පුද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

     

    මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එම්.එච්.යූ. සිරිවර්ධන මහත්මිය ප්‍රමුඛ දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය රැස්වීම සංවිධානය කරන ලදි.

     

    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya