ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා පානීය ජලය සැපයීම යුද හමුදාවෙන්

    ඔක්තෝබර් 07, 2016
    වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, තමන්කඩුව, මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ප්‍රදේශයන්හි නියං සමය හේතුවෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් ඔවුන්ගේ වතුර බවුසර් උපයෝගි කර ගනිමින් පානීය ජලය සැපයීම සිදු කරයි.
     
    ඒ අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විමෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පීඩාවට පත් පවුල් 18,951 ක 70,431 කට අධික පිරිසක් වෙත පානීය ජලය ලබාදෙන ලදී.
     
    නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යු. විජේරත්න විසින් මෙම වැඩසටහන නිරීක්ෂණය කරමින් නියඟයෙන් වැඩිපුර හානියට පත් වූ ජනතාව සොයා බලා ඔවුන් වෙත ජලය ලබා දීම තව තවත් පුළුල් කරන ලෙස තම භට පිරිස් වෙත උපදෙස් ලබා දී ඇත.
     
    යුද හමුදාපතිගේ උපදෙස් මත මෙම හදිසි සහන සේවාව පසුගිය සැප්තැම්බර් මස 21 දා සිට ආරම්භ කරන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya