ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර රජයේ සේවකයින්ගේ සමුපකාර සමිතියට ගොඩනැගිල්ලක්

    ඔක්තෝබර් 07, 2016
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයින්ගේ  සීමාසහිත සමුපකාර සකසුරුවම් ණය දෙන සමිතියේ නව කාර්යාලය පසුගියදා  අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
    මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කලේ, විශ්‍රාම ලබන රජයේ සේවකයිනට විශාල  සම්පතක් වශයෙන් සමුපකාර සමිති ව්‍යාපාරය සමාජය තුල විශ්වසනීය වී ඇති බවයි. 
     
    ශ්‍රී ලංකාවේ සමුපකාර සමිති ව්‍යාපාරය  ග්‍රාමීය ජනයාගේ මුදල් ඉතිරි කිරිම හා ණය සැපයීම අරමුණු කරගෙන ආරම්භ කර ඇත්තේ ස්වේච්ඡා සංවිධානයක් ලෙසයි. 1940 පමණ වන විට මෙය පුළුල් මට්ටමින් පැතිර ගොස් තිබිණි. ශ්‍රී ලංකාවේ නම ගිය ප්‍රජා සහභාගිත්ව ව්‍යාපාරයක් වු  සමුපකාර සමිති ව්‍යාපාරය ඉතා වේගයෙන්  ජනප්‍රිය විය. 
     
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රජයේ සේවකයින්ගේ සමුපකාර සමිතිය ආරම්භ කර ඇත්තේ 1947 වසරේ දි ය. ඒ අනුව එය අඛණ්ඩාව වසර 69 ක කාලයක් ගෙවා තිබේ. අනුරාධපුර කච්චේරියේ සේවකයින් කිහිප දෙනෙකු එක්ව මෙම සමිතිය පළමුව ආරම්භ කර ඇත. දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී විවෘත කෙරුණ නව ගොඩනැගිල්ල සදහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ විසිපහකි. 
     
    AP/DMU-Anuradhapura
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya