ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සේවක ගැටලු විසදීමේ ජංගම සේවයේ හතරවන අදියර නුවරඑළියට

    ඔක්තෝබර් 08, 2016
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසදීමේ ජංගම සේවාවේ හතරවන අදියර නුවඑළිය මහ රෝහලේ දී අද (08) පැවැත්වීමට නියමිතය.
     
    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සහභාගීත්වයෙන් මෙම ජංගම සේවාව ආරම්භ කෙරේ. 
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මගින් දිවයිනේ සියලු ම රෝහල් ආවරණය වන පරිදි එක් එක් රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලවල ප‍්‍රශ්න සහ ගැටලු විසදීමේ අරමුණින් ක‍්‍රියාත්මක වෙයි. 
     
    මෙම ජංගම සේවාවේ ප‍්‍රථම ජංගම සේවාව කුරුණෑගල මහ රෝහලේ දී ද, දෙවන ජංගම සේවාව යාපනය ශික්ෂණ රෝහලේ දී ද, තුන්වන ජංගම සේවාව බදුල්ල රෝහලේ දී ද පැවැති අතර, මෙහිදී සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉදිරිපත් වූ ගැටලුවලට විසදුම් ලබා දෙමින් සාර්ථකව අවසන් විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya