ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර මහා නගරයක් ලෙස ගොඩනැංවිමේ සැලැස්ම 2017 දී

    ඔක්තෝබර් 11, 2016
    මහනුවර නගරය පමණක් නොව අවට කලාපයම මහා නගරයක් ලෙස ගොඩනැංවීම සඳහා නව සැලසුමක් 2017 අග භාගයේ දී ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ජපන් සහයෝගීතා ආයතනය සහාය ලබාදෙන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ මහනුවර මහා නගරයේ සංවර්ධන සැලැසුම සකස් කිරීම තාක්ෂණික සහය ලබාගැනීමේ අරමුණින් ජපන් අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමග (JAIC) සමග ගිවිසුමකට අත්සන් කිරීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. 
     
    මෙම ගවිසුම අත්සන් කිරීම මහනුවර ස්විස් හෝටලයේ දී සිදු වූ අතර එයට නාගරික සංවර්ධන අධිකාරියේ පාර්ශවයෙන් එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා අත්සන් තැබූ අතර ජයිකා ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජිත ටෝ රු කොබයා කාවා මහතා අත්සන් තබන ලදි.
     
    මහනුවර නගරය කොළඹ හැරුණු විට තිබෙන ප‍්‍රධානම නගරය බවත් වාණිජමය මෙන් ම  පරිපාලනමය වශයෙන් මහනුවර ප‍්‍රධාන වන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයාමහනුවර නගරට රට මැද පිහිටලා ඇති නිසා රටේ තිබෙන අනෙක් බොහෝ නගර සමග සම්බන්ධ බවත් පෙන්වා දුන්නේය.
     
    මේ වන විට වායු දූෂණය අතින් ඉහළ ම නගරය බවට පත්ව ඇත්තේ කොළඹ නගරය නොව මහනුවර නගරය බව සඳහන් කරන අමාත්‍යවරයා ජපන් සහයෝගීතා ආයතනය ඒ සියලු සාධක හොඳින් බලන ආයතනයක්  බවත් ඒ ආයතනය හරහා විධිමත් සැලසුමක් ඇති කර ගැනීම මහනුවරට අවශ්‍යය යැයි ද කීය. 
     
    මහනුවර උපාය මාර්ගික නරගයක් හැටියට තේරුම් ගෙන ලෝක බැංකු ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කොට ඇති බවත් ලංකාවේ පළවෙනි බහුකාර්ය - බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය මහනුවර ඉදිවන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා  ලබන වසරේ මැද භාගය වෙන විට එම සියලු සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya