ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක්

    ඔක්තෝබර් 11, 2016

    එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් කාන්තා නායකත්ව පුහුණු වැඩසටහන් දෙකක් පසුගිය සති අන්තයේ දී පැවැත්විණි.

    එළැඹෙන පළාත් පාලන මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණවල දී සහ දේශපාලනික කටයුතු වල දී කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම හා කාන්තාවන්ගේ දේශපාලනික සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම නායකත්ව පුහුණු වැඩමුළු මාලාව සංවිධාන කෙරේ. මෙහිදී දේශපාලනික කරුණු සම්බන්ධයෙන් න්‍යායික හා ප්‍රායෝගික අවබෝධය ලබා දීම වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබිණි.

     

    මෙහි පළමු වැඩසටහන පසුගිය 8 වැනි දා කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවති අතර පසුගිය 9 වැනි දා රත්නපුර නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවත්විණි.

     

    කාන්තාවන් නිවසේ වැඩකටයුතු වලට හෝ ස්වාමියාගේ-දරුවන්ගේ වැඩ වලට සීමා නොවී සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන කටයුතු සඳහා ද සක්‍රීයව මැදිහත් විය යුතු බව අනෝමා ගමගේ මහත්මිය පෙන්වා දුන්නාය.

     

    මෙම වැඩසටහන් සඳහා කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා සංවිධාන නායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya