ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දකුණේ වාහන හිමියන්ට අන්තර්ජාලය හරහා ආදායම් බලපත්‍ර

    ඔක්තෝබර් 11, 2016
    දකුණු පළාතේ ලියාපදංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී මින් ඉදිරියට කාර්යාල ඉදිරියේ පෝළිමේ නොසිට අන්තර් ජාලය හරහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බව දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඩබ්.ජී. අමිල ඉන්දික මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙය ක්‍රියාවට නැගෙන්නේ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමිනි.

    අන්තර්ජාල පහසුකම් සහිත වාහන හිමියන් සඳහා නිවසේ සිටම තම ආදායම් බලපත්‍රය ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ. එසේ බලපත්‍ර ලබා ගන්නා අයට ලියාපදිංචි තැපෑලෙන් සිය නිවසටම ආදායම් බලපත්‍රය ලැබෙන්නට සලස්වයි. බස්, ලොරි, ටිපර්, වෙළඳ වාහන හැර යතුරු පැදි, ත්‍රීරෝද රථ, ඉඩම් වාහන, මෝටර් කාර්, ද්විත්ව කාර්ය වෑන්, කැබ් ආදී වාහන වලට මෙම පහසුකම හිමි වේ. 
     
    කාර්යාලයට පැමිණීමට අපහසු, අන්තර්ජාල පහසුකම් නොමැති වාහන හිමියන්ට ප්‍රධාන බස් නැවතුම් පොළ වලදී ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී. එහි ප්‍රථම පියවර වශයෙන් මේ වන විට ගාල්ල බස් නැවතුම්පොළ පරිශ්‍රයේ අන්තර්ජාලය හරහා ආදායම් බලපත්‍ර ලබාදීම සඳහා වන සේවා පියසක් පිහිටුවා ඇත. 
    පළමු අදියර යටතේ මාතර, අකුරැස්ස හා තංගල්ල බස් නැවතුම් පොළ ආශ්‍රිතව සේවා පියස පිහිටුවීමට පියවර ගනිමින් පවතී.
     
    ඉදිරියේ දී දකුණු පළාතේ අනෙකුත් ප්‍රධාන බස් නැවතුම් පොළ ආශ්‍රිතව ද වාහන ආදායම් බලපත් නිකුත් කරන සේවා පියස පිහිටුවා ඊට අවශ්‍ය පරිගණක පද්ධතිය සහ පුහුණු කාර්ය මණ්ඩලය ලබාදීමට පියවර ගැනේ.
     
    මේ වන විට දකුණු පළාත තුළ ලියාපදිංචි යතුරු පැදි 214,236 ක්, ත්‍රීරෝද රථ 84,202 ක්, බස්, ලොරි ඇතුළු බර වාහන 13,970 ක්, කාර්, වෑන්, ඉඩම් වාහන, ද්විත්ව කාර්ය වාහන 60,361 ක් පවතින බව ද අමිල මහතා පැවසී ය.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya