ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දැඩි නියගය නිසාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට පීඩා

    ඔක්තෝබර් 11, 2016
    මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි නියගය නිසාවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතරක පවුල් 6,087 ක සාමාජිකයින් 17,690 ක් පානීය ජලය නොමැති කමින් පීඩාවට පත්ව සිටිති.
    වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේයි. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 5,000 ක සාමාජීකයින් 13,500 ක පීඩාවට පත්ව සිටින අතර ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 440 ක සාමාජීකයින් 1,630 ක් ද බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 355ක සාමාජිකයින් 1,560ක් ද , අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 80 ක සාමාජිකයින් 350ක්ද  වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 212 ක සාමාජීකයින් 650 ක් ද පීඩාවට පත්ව සිටිති. 
          
    මේ වන විට මෙම ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා ජල බුවුසර යොදා ජලය පිරවීමට පියවර ගෙන ඇත. එමෙන් ම  ප්‍රාදේශී ලේකම් කාර්යාල ප්‍රාදේශීය සබා ඒකා බද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර ආපදා කළමණාකරණ අමාත්‍යංශය ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya