ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බදුල්ල නගරයේ කසල ගින්න

    ඔක්තෝබර් 12, 2016
    බදුල්ල නගරයේ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයට යාබදව පිහිටි බදුල්ල මහ නගර සභාවේ කසල ප්‍රතිචක්‍රීයකරණ ඒකකය  අසල තිබූ අක්කර 04 ක පමණ භූමි භාගයක පිහිටි කුණු කන්ද මේ වන විටත් ගිනි ගනිමින් පවතී.
    පසුගිය ඉරිදා(09) ඇති වී තිබූ මෙම ගින්න ඊයේ(11) සිට දැඩි ලෙස වර්ධනය වී නගරය පුරා දුම පැතිරෙමින් තිබේ. බදුලු නගර මධ්‍යයේ පිහිටි මෙම කුණු ගොඩෙහි ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා මහ නගර සභා ගිණි නිවීම් ඒකකය උත්සහ කළද එය අසාර්ථකවීම හේතුවෙන් ඊයේ සිට යුද හමුදා ගිනි නිවීම් ඒකකය හා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 02 ක්ද යොදාගනිමින් ගිනි නිවීමේ කටයුතු මේ වන විටත් සුදුකරමින් තිබේ.
     
    ඇති වී තිබෙන දැඩි දුමාරය හේතුවෙන් බදුල්ල නගරයේ පාසැල් 05 ක් ඊයේ සිට ලබන 14 දින දක්වා වසා දැමීමට ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. විෂ සහිත දුම ආග්‍රහණය වීමෙන් රෝගී වූ 30 දෙනෙකු පමණ බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
     
    ගින්න ඇති වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, ඌව පළාත් සභාව, බදුල්ල මහ නගර සභාව සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ගින්න නිවීමේ මෙහෙයුම මේ වන විටත් සිදු කරමින් තිබේ. 
     
    AP/DMU-Badulla
     
      
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya