එම ව්‍යාපෘතියට අදාළ මුදල් චෙක්පත් ප්‍රදානය පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රදානත්වයෙන් රත්නපුර සමුදි උත්සව ශාලාවේ දී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ වැසීයාමේ තර්ජනයට ලක්වූ සහ අති දුෂ්කර ග්‍රාමීය ආගමික සිද්ධස්ථාන නඟාසිටුවීම ක්‍රියාත්මකය.
මේ යටතේ බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම සෙසු ආගමික ස්ථාන නඟාසිටුවීමට ද කටයුතු කරයි.
මෙම අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන භාණු මුණිප්‍රිය, රංජිත් බණ්ඩාර ඇතුළු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න සහ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන්. බෙලිගම්මන යන මහත්වරු සහභාගි වූහ.



















