ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය ඇමැති හා පින්ලන්ත පවුල් කටයුතු හා සමාජ සේවා අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    ඔක්තෝබර් 13, 2016
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඔස්ටි‍්‍රයාවේ සහ පින්ලන්තයේ සංචාරයක පසුගියදා නිරත විය. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පින්ලන්ත  පවුල් කටයුතු හා සමාජ සේවා අමාත්‍ය Juha Rehua  මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විය. 
     
    ශ‍්‍රී ලංකාවේ බෝනොවන රෝග පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ, නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම පිළිබඳ ව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පින්ලන්ත පවුල් කටයුතු හා සමාජ සේවා අමාත්‍යවරයා දැනුවත් කරන ලද අතර, එම වැඩපිළිවෙළ ඒ මහතා විසින් අගය කරන ලදී. 
     
    කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය ඉදිකරන ලද්දේ පින්ලන්ත රජය විසිනි. ඒ වසර 150 කට පෙරයි. එම රෝහල නවීකරණය කර දෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කළ ඉල්ලීමකට පින්ලන්ත පවුල් කටයුතු හා සමාජ සේවා අමාත්‍යවරයා යහපත් ප‍්‍රතිචාර දැක්වීය. පින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාට ශ‍්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ආරාධනා කර සිටියේය. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා පින්ලන්ත විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කළ අතර, එහි හෙද උපාධිය ලබාදෙන ක‍්‍රමවේදය පිළිබඳ අධ්‍යයනය නිරත විය. 
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහත්ම මහත්මීහු සහ  ශ‍්‍රී ලංකාවේ පින්ලන්ත තානාපතිතුමා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya