ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජනපති ජනතා සේවයේ 2 වැනි වැඩසටහන ගැන සාකච්ඡාවක්

    ඔක්තෝබර් 16, 2016

    ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ 2 වැනි වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් නිලධාරින් හා දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (16) පැවැත්වීමට නියමිතය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එය සංවිධානය කරයි.

    ඒ අනුව දිස්ත්‍රික් නිලධාරි හමුව අද පෙ.ව. 09:00 ගාල්ල,ලබුදූව, සිරිධම්ම විද්‍යාලයේදී  පැවැත්වෙන අතර දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරි හමුව එදින ප.ව.5.00 ට ගාල්ල, හෝල් ඩී ගෝල් ශාලාවේදී පැවැත්වෙයි.

    නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ පළමු වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රික්කයේදී  ඉතා සාර්ථකව අවසන් විය.

    දිස්ත්‍රික්කයේ ප්‍රජාවගේ විවිධ ගැටලු හඳුනා ගැනීමත් ඒ සඳහා කඩිනම් විසඳුම් සැපයීමත් නිල මෙහෙවර ජංගම සේවාවේ මුලික ම අරමුණයි. ඉඩම් සම්බන්ධ ගැටලු, ගොවිජන සේවා ගැටලු,සමාජ සේවා ඉල්ලීම්, ජාතික හැඳුනුම්පත් ලබාදීම, නිවාස ගැටලු, වෘත්තිය පුහුණු අවස්ථා,පාරිසරක ගැටලු, බැංකු ණය ලබාදීම් ආදී බහුවිධ අවශ්‍යතාවයන් හඳුනා ගැනීම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya